ඇන්ජලෝ හා චන්දිමාල් ශතක රැස්කරති… ඇන්ජලෝගේ උඩපන්දුව රෝහිත් අතින් ගිලිහෙයි – වීඩියෝ

නවදිල්ලි නුවර ෆේරොස් ෂා කොට්ලා ක්‍රීඩාංගණයේ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේදී සිය 8 වැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් සමත්විය.2015 වසරේ අගෝස්තු මසයේදී ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකාවේ කළ තරග සංචාරයේදී මැතිව්ස් ශතකයක් රැස්කිරීමට සමත්වීමෙන් පසුව ඔහු රැස්කළ පළමු ශතකය මෙය වෙයි.පන්දු 231කින් වාර්තා වූ මැතිව්ස්ගේ ශතකයට හතරේ පහර 12ක් හා හයේ පහර දෙකක් ඇතුළත් වෙයි.එසේම ඉනිම 37කට පසුව මැතිව්ස්ගෙන් මෙම ශතකය පැමිණියේය.මැතිව්ස් ලකුණු 98ක් ව තිබියදි ඉෂාන්ත් ශර්මා එවු පන්දුවකට දෙවැනි ස්ලිප්හි සිටි රෝහිත් ශර්මා අතට උඩපන්දුවක් ලබා දුන් නමුත් එය රැක ගැනීමට රෝහිත් සමත් වුයේ නැත.අනතුරුව එම පන්දුවාරයේදී ම අලංකාර හතරේ පහරක් සමගින් ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේදී ලබාගත් පළමු ශතකය වාර්තා කිරීමට මැතිව්ස් සමත් වියමේ වන විට පළමු ඉනිම ක‍්‍රිඩා කරන ශ‍්‍රි ලංකා කණ්ඩායම මේ වන විට කඩුලු 03ක් දැවී ලකුණු 229ක් ලබා සිටියි.ඒ අනුව ශ‍්‍රී ලංකා කණ්ඩායම කඩුලු 07ක් අතැතිව ඉන්දීය පළමු ඉනිමට වඩා තවත් ලකුණු 306ක් පිටිපසින් සිටියි. විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් සිටින ඇන්ජලෝ මැතිව්ස් හා දිනේෂ් චන්දිමාල් වේ වන විට සිව්වැනි කඩුල්ල සදහා නොබිදුණු ලකුණු 156ක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත් ව ඇති අතර දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 75ක් රැස් කරගෙන සිටියි.

ශ‍්‍රී ලංකා – ඉන්දු ටෙස්ට් තරගය ඉතිහාසගතවෙයි.. ලංකාවේ ක‍්‍රීඩකයින්ට මඩ ගැසු ඉන්දියාවේ හොර වැඩ සියල්ල එළිවෙයි..ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරඟයේ දෙවැනි දිනය වූ ඊයේ දිනයේදී දිල්ලි නුවර පැවති වායු දූෂණය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පීඩා විදීම සම්බන්ධයෙන් මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.ඊයේ දිනයේදී මේ හේතුවෙන්  තරඟය අවස්ථා දෙකකදී තාවකාලිකව නතර කිරීමට සිදුවුණා.මෙම තත්වය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වරින් වර විනිසුරුවන්ට දැනුම් දෙන ආකාරයත් මුහුණු ආවරණ පැළඳ ක්‍රීඩා කරන අකාරයකුත් අපට දැකගත හැකි වුණා.කෙසේ වෙතත් මෙම සිදුවීම දැඩිව විවේචනය කරන ඉන්දීය මාධ්‍ය පවසා තිබුනේ නියත පරාජයක් වළක්වා ගෙන තරගය අත්හිටුවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මෙලෙස හැසිරුණු බවයි, මෙම හැසිරීම ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් සහ හිටපු නායක ආන්ජලෝ මැතිවුස් විසින් සැලසුම් කිරිමක් ලෙසද ඔවුන් චෝදනා කර තිබුනා, එහෙත් ශ‍්‍රී ලංකා කන්ඩායමට එල්ල වන එම චෝදනා අසත්‍ය බව සනාථ කරමින් එම සිදුවීම සිදුවීමට පෙර ඉන්දියානු කණ්ඩායමේ අතිරේක ක‍්‍රිඩකයකු වන කුල්දීප් යාදව් මුුහුණු ආවරණයක් පැළද සිටින ජයාරූපයක් මේ වන විට සමාජ ජාලා වෙබ් අඩවි තුළ හුවමාරුවනවා..

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඊයේ දිනයේදී මුහුණ දුන් මෙම තත්වය සම්බන්ධයෙන් තරඟයේ තුන්වන දිනය අවසානයේ පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු නික් පෝතාස් ද අදහස් පළකර සිටියා. ඔහු එහිදී කියා සිටියේ ඊයේ ක්‍රීඩාංගනයේ පැවති වතාවරණය ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට නුපුරුදු තත්වයක් බවයි.පැවති වායු දූෂණය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නන් දෙදෙනා වන සුරංග ලක්මාල්ට සහ ළහිරු ගමගේට ශ්වසන ගැටළු ඇති වීම නිසා ක්‍රීඩාගාරය වෙත යාමට සිදුවුණා.වායු දූෂණයේ බලපෑම හේතුවෙන් සුරංග ලක්මාල්, ළහිරු ගමගේ සහ ධනංජය ද සිල්වා වමනය දැමු බව පෝතාස් එහිදී වැඩිදුරටත් පවසා සිටියේය.කෙසේ වෙතත් දිල්ලි නුවර පවතින මෙම තත්වය තම ක්‍රීඩකයින්ට සාමාන්‍ය දෙයක් බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය කණ්ඩායමේ නායක විරාත් කෝලි පවසා සිටියා.මේ අතර වායු දූෂණ තත්වයක් හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයක් තාවකාලිකව නතර කළ පළමු අවසථාව මෙය ලෙසට ඉතිහාසයට එක්වෙනවා.කෙසේ වෙතත් ඊයේ දිනයේදී සිදුවූ මෙම තත්වය හේතුවෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර පවතින වායු දූෂණය පිළිබඳව ලෝකයේ අවධානය යොමුව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *