කෝලි ශ්වසන අපහසුවට රහසේ බෙහෙත් ගනී – වීඩියෝ

ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරඟයේ දෙවැනි දිනය වූ ඊයේ දිනයේදී දිල්ලි නුවර පැවති වායු දූෂණය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පීඩා විදීම සම්බන්ධයෙන් මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.මේ හේතුවෙන් ඊයේ දිනයේදී තරඟය අවස්ථා දෙකකදී තාවකාලිකව නතර කිරීමට සිදුවුණා.මෙම තත්වය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වරින් වර විනිසුරුවන්ට දැනුම් දෙන ආකාරයත් මුහුණු ආවරණ පැළඳ ක්‍රීඩා කරන අකාරයකුත් අපට දැකගත හැකි වුණා.කෙසේ වෙතත් මෙම සිදුවීම දැඩිව විවේචනය කරන ඉන්දීය මාධ්‍ය පවසා තිබුනේ නියත පරාජයක් වළක්වා ගෙන තරගය අත්හිටුවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මෙලෙස හැසිරුණු බවයි, මෙම හැසිරීම ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් සහ හිටපු නායක ආන්ජලෝ මැතිවුස් විසින් සැලසුම් කිරිමක් ලෙසද ඔවුන් චෝදනා කර තිබුනා,එහෙත් ශ‍්‍රී ලංකා කන්ඩායමට එල්ල වන එම චෝදනා අසත්‍ය බව සනාථ කරමින් එම සිදුවීම සිදුවීමට පෙර ඉන්දියානු කණ්ඩායමේ අතිරේක ක‍්‍රිඩකයකු වන කුල්දීප් යාදව් මුුහුණු ආවරණයක් පැළද සිටින ජයාරූපයක් මේ වන විට සමාජ ජාලා වෙබ් අඩවි තුළ හුවමාරුවනවා..

ශ්‍රී ලංකා ඉනිම දින තුනකට පසුව නැවතුනු තැන… ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අවසන් ටෙස්ට් තරඟයේ තුන්වන දිනය අවසන් වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 356ක් රැස්කරගෙන සිටියා.සුවිශේෂ ඉනිමක් ක්‍රීඩා කරමින් නායකත්වයේ වගකීම ගෙන පන්දුවට පහරදුන් චන්දිමාල් නොදැවී රැස්කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 147ක්.කෙසේ වෙතත් සිව්වන කඩුල්ල වෙනුවෙන් පන්දුවට පහරදුන් චන්දිමාල් සහ මැතිව්ස් අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතක දෙකක් රැස්කරගත්තා.මැතිව්ස්ගේ දැවී යාමෙන් අනතුරුව චන්දිමාල් සමඟ පිටියට එක්වුණේ සධීර සමරවික්‍රම.ඔහු ලකුණු 33ක් රසක්රගෙන සිටියදී Ishant Sharma ගේ පන්දුවකට Prasanta Saha වෙත උඩපන්දුවක් ලබාදෙමින් දැවී ගියා.ඉන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිදු පිතිකරුවෙකුට සාර්ථක වීමට ඉඩ ලබානොදුන් ඉන්දීය පන්දු යවන්නන් නැවත තරඟයේ වාසිය ඉන්දියාව දෙසට හරවා ගනිමින් හදිසි ආක්‍රමණයක් සිදුකලා.ඒ අනුව ලකුණු 39 කදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 4 ක් බිඳ වැටුනා.එහිදී සිය මංගල ඉනිම සඳහා පිටියට පිවිසි රොෂේන් සිල්වා සිය මංගල පන්දුවේදීම අශ්වින්ට ගොදුරු වූවා.පළමු ඉනිමේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් තිදෙනෙකු ලකුණු නොලබා දැවී ගිය අතර පිතිකරුවන් දෙදෙනෙකු ලකුණු 1 ක් පමණක් ලබා නරඹන්නන් බවට පත්වුනා.ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 7 ක් දැවී ලකුණු 536 ක් රැසකරගත්තා.ඒ අනුව ශ්‍රී ලංකාව මේ වනවිට ඉන්දීය කණ්ඩායමට ලකුණු 180 පසුපසින් සිටින්නේ එක් කඩුල්ලක් පමණක් අතැතිවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *