සුරංග සහ ධනංජය වමනේ දැම්මා.. ඉන්දියාවෙන් චෝදනා… ඇත්තටම මොකද වුනේ..

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තුන්වන ටෙස්ට් තරගයේ දෙවැනි දිනයට තරගය නතර කරන විට ෆෙරෝස් ෂා කොට්ලා ක්‍රිඩාංගණය තුළ තරගය කිහිප අවස්ථාවකම තාවකාලිකිව නතර විය. ඒ සංචාරක කණ්ඩායමට වායු දූෂණය හේතුවෙන් පීඩා විදීමට සිදුවූ හෙයිනි.ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිපදෙනෙකු ඉරිදා (දෙසැම්බර් 3දා) දිවා විවේකයෙන් පසුව පිටියට පිවිසියේ මුඛ ආවරණ පැළදගෙනය. ඔවුන්ට සුරංග ලක්මාල් සහ ලහිරු ගමගේ සේවයද ශ්වසන ගැටළු නිසා අහිමිවිය.ඒ හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට එක් අවස්ථාවක ක්‍රීඩකයන් 10ක් සමග ක්‍රීඩා කිරීමටද සිදුවිය. කෙසේ වෙතත් ඉන්දීය නායාක විරාට් කෝලි ඉන්දීය ඉනිම ලකුණු 536/ක් ලෙස අත්හිටුවීය.මේ පිළිබදව තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පුහුුණුකරු නික් පොතාස් පවසා සිටියේ ක‍්‍රිඩකයින්ගේ ආරක්ෂාව ඉතා වැදගත් බවයි.“නිසැකවමල දිල්ලි දූෂණය ඉහළ මට්ටමක පවතින බව පැහැදිලිවම වාර්තා වී තිබෙනවා.එක් අවස්ථාවක දී ඔවුන්ට ඉතා අපහසු වුණා. එක් අවසථාවකදී අපේ ක්‍රීඩකයන් වමනය දැමුවා. ක්‍රීඩකයා ගාරයේ ඔක්සිජන් සිලින්ඩර් තිබුණා. නමුත් ක්‍රීඩාවේ යෙදී සිටියදී ක්‍රීඩකයන්ට ඒ ආකාරයෙන් දරා ගැනීමට හැකියාවක් නෑ.”  “මම හිතනවා සියලු නිලධාරීන්, තරඟ තීරක ඩේවිඩ් බූන් තත්ත්වය හොඳින් පාලනය කළා. එය සෑම කෙනෙකුටම නව තත්වයක්. එවිට තීරණ ගැනීම පහසු නෑ. විනිසුරුවන්, තරග තීරක, මම මෙන්ම කළමනාකරුගේ කාර්යය මණ්ඩලය සිතුවේ ක්‍රීඩකයන්ගේ සුරක්ෂිත බවයි.”“ලහිරු ස හ සුරංග  ගැටලුවකට පත්ව සිටියේ. සුරග වමනය දාන විට තරග තීරක සිටියේ අපේ ක්‍රීඩාකාගාරයේ. වෛද්‍යවරුන්ද එම අවස්ථාවේදී සිටියා. ධනන්ජයද සිල්වා වමනය දම්මා. ඒක අමාරුයි. ඔබට කලින්ම වෛද්‍යවරුන්ගේ අදහස් ලබා ගැනීමට වෙනවා. මොකද ඔබ වෛද්‍යවරයෙක් නොවන නිසා.”  “ මොන තත්ත්ව යටතේ හෝ අපිට ක්‍රිකට් ක්‍රීඩා කිරීමට අවශ්‍යයි. නමුත් අපි අපේ ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව පිළිබඳ යම් පැහැදිලිකමක් අවශ්‍යයි. අය අපහසු වුණාම අපේ වේග පන්දු යවන්නන් දෙදෙනා ගැටලුවකට පත්වුණා. එය ආරක්ෂා නොවු විටයි සාකච්ඡා ආරම්භ වුණේ.ක්‍රීඩකයන්ගේ ආරක්ෂාවයි අතිශයින් වැදගත්.” “ඉන්දියා කණ්ඩායම සිය ඉනිම අත්හිටුවීමට මොහොතකට නායක දිනේෂ් චන්දිමාල්ට මට කතා කරන්න ඕන වුණා. ඒ වන විට අපගේ පිටියේ පන්දු රකිමින් සිටියේ 10 දෙනයි. අමතර ක්‍රීඩකයන් ගැනීමටත් අවස්ථාවක් තිබුණේ නෑ. විනිසුරන් මේ ගැන හොඳින් දැනගෙන සිටියා. වායු දූෂණය ගැන ගොඩක් නීති නෑ. මේ වගේ දෙයකට හැම කෙනෙක්ම මුහුණ දුන්නේ පළමු වතාවටයි.” “ක්‍රීඩකයන්ට මේ ගැන ගැටලුවක් තිබුණේ නෑ. මෙය පාලනය කළ නොහැකි තත්ත්වයක්. මෙය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට අදාළ දෙයක්. ඒ ගැන තරග තීරක හා විනිසුරන් වාර්තාවක් සකස් කරාවි. එය සෙනුසුරාදා ප්‍රශ්නයක් නෙමෙයි” .පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇන්ජලෝ මැතිව්ස් පැය තුනක පමණ කලායක් පිටියේ රැඳී සිටිමින් ඉන්දියාවට පීඩනය එල්ල කළේය.

“ ඇන්ජලෝ හොඳින් ක්‍රීඩා කළා. අපේ ක්‍රීඩකයන් පන්දු රකින විට දූෂණ දර්ශකය 500න් 400ක අගයක තිබුණේ. දිනය අවසන් වන විට එය 300කට පත්වුණා. නමුත් හෙට ගැන මම කාත් සමගත් කතා කළේ නෑ. එය තරග තිරකගේ හා විනිසුරුගේ අතේ තිබෙන දෙයක්. නමුත් මෙය නැවත ඇතැවීම වැළැක්වීමට ඔවුන් කුමක් හෝ කරාවි”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *