අෆ්රිඩී පළමු දිනයේදීම ටි 10 තරගාවලිය හොල්ලයි.. වීඩියෝ

එක්සත් අරාබි එමීර්හි සාජා ක්‍රීඩාංගනයේදී ඊයේ ක්‍රිකට් ක්‍රීඩාවේ අලුත්ම පෙරලිය වන T10 තරඟාවලිය පැවති අතර තරඟ දෙකක් ඊයේ දිනයට අදාලව පැවති අතර පළමුව පැවති බෙංගාල ටයිගර් සහ කේරල කිංග් අතර තරඟය ජය ගැනීමට කේරල කිංග් කණ්ඩායම සමත් විය.බෙන්ගාල් ටයිගර්ස් හා කේරල කිංග්ස් අතර තරගය..T-10 ලීග් තරගාවලියේ පළමු තරගයෙන් බෙන්ගාල් ටයිගර්ස් කණ්ඩායම පරදවා කඩුලු 08ක විශිස්ට ජයක් හිමිකරගැනීමට කේරල කිංග්ස් කණ්ඩායම සමත්විය.ජයග‍්‍රහණය සදහා ලකුණු 87ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි කේරල කණ්ඩායම පන්දුවාර 02ක් ඉතිරිව තිබියදී කඩුලු 02ක් පමණක් දැවී සිය ඉලක්කය සපුරා ගත් අතර එහිදී ප‍්‍රහාරාත්මක පිතිහරඹයක නිරත වු අයර්ලන්ත ක‍්‍රිඩක පෝල් ස්ටර්ලින් පන්දු 27කදී හයේ පහර 03ක් හා හතරේ පහර 10ක් සමගින් වේගවත් ලකුණු 66ක් රැුස් කරමින් සිය කණ්ඩායම ජයග‍්‍රහණය කරා කැදවාගෙන ගියහ.පොලාඩ් සමග එක්වෙමින් තෙවැනි කඩුල්ල සදහා 53ක සම්බන්ධතාවක් පැවැත්විමට පෝල් සමත් වු අතර නොදැවුණු ඉනිමක් ක‍්‍රීඩා කළ පොලාඩ් පන්දු 09කදී එක් හතරේ පහරක් සමගින් ලකුණු 11ක් රැුස් කළහ.පළමු කඩුල්ල ලෙස බටහිර ඉන්දීය ප‍්‍රහාරාත්මක පිතිකරු වෝල්ටන් පළමු පන්දුවාරයේදීම අමීර් යමින් එව් පන්දුවකට කඩුලු රකින ක‍්‍රීඩක සෆ්රාස් අහමඩ් අතර උඩපන්දුවක් ලබා දෙමින් ලකුණු නොලබා දැවී ගියහ.ඉන් අනතුරුව පිටියට එක්වු නායක ඔයින් මෝර්ගන් පළමු පන්දුවේදීම ගලී හි පන්දුරකිමින් සිටි ඩැරන් සමී අතට උඩපන්දුවක් ලබා දුන් නමුත් සමීගෙන් එය ගිලිහීයාමෙන් පිටියේ රැුදී සිටීමට මෝර්ගන්ට වාසනාව හිමිවිය.මෝර්ගන් ලකුණු 11ක් ලබා සිටියදී ඇෆ්ගනිස්තානු නවක ක‍්‍රීඩක මුජීබ් සර්දාන් ගේ පන්දුවක් හසුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියහ. ටයිර්ගර්ස් කන්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී මුජීබ් සර්දාන් පන්දුවාර 02 යවා ලකුණු 15කට එක් කඩුල්ලක්ද යමීර් අමීන් එක් පන්දුවාරයක් යවා ලකුණු 04කට එක් කඩුල්ලක්ද දවා ගැනීමට සමත්විය.කේරල කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ටයිගර්ස් කන්ඩායමට පන්දුවාර 10 තුළදී එක් කඩුල්ලක් දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 86ක් පමණි.එහිදී ආරම්භක පිතිකරුවන් වු ඇන්ඩෘ ප්ලෙචර් හා ජොන්සන් චාල්ස් ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දුවාර 7යි එක් පන්දුවක් තුළ රැුස් කළේ ලකුණු 56ක් පමණි.වහබ් රියාස්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක‍්‍රීඩක පූරන් අතට උඩපන්දුවක් ලබා දෙමින් දැවී යන විට චාල්ස් පන්දු 27කදී එක් හයේ පහරක් හා හතරේ පහර 04ක් සමගින් ලකුණු 33ක් රැුස් කරගෙන සිටි අතර ෆ්ලෙචර් නොදැවී ලකුණු 32ක් රැුස් කළහ.චාල්ස්ගේ දැවී යාමෙන් අනතුරුව පිටියට පැමිණි ඩේව්ඩ් මිලර් පන්දු 09ක් තුළ එක් හයේ පහරක් හා හතරේ පහර 02ක් සමගින් ලකුණු 17ක් ලබා ගත්හ.විශිෂ්ට පන්දුයැවීමට නිරත වු වහබ් රියාස් සිය පන්දුවාර 02 ලකුණු 11කට සීමා කරමින් එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් විය. පෝල් ස්ටර්ලින්ට තරගයේ වීරයා සම්මානය හිමිවිය.

මරාතා අරාබියන්ස් කණ්ඩායම හා පක්ටූන්ස් කණ්ඩායම අතර තරගය…10 ලීග් තරගාවලියේ දෙවැනි තරගයෙන් මරාතා කණ්ඩායම පරදවා ලකුණු 25ක විශිෂ්ට ජයක් හිමිකරගැනීමට පක්ටූන්ස් කණ්ඩායම සමත්විය.ජයග‍්‍රහණය සදහා ලකුණු 122ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය මරාතා කණ්ඩායමg සහීඩ් අෆ්රීඩීගේ ප‍්‍රබල පන්දුයැවීම හමුවේ කඩුලු 07ක් දැවී ලබාගත හැකිවුයේ ලකුණු 96ක් පමණි.එහිදී එංගලන්ත ආරම්භක පිතිකරු ප‍්‍රහාරාත්මක ඉනිමක් දියත් කරමින් පන්දු 26කදී හයේ පහර 04ක් හා හතරේ පහර 05ක් සමගින් නොදැවී වේගවත් ලකුණු 57 රැස් කළත් අනෙක් පිතිකරුවන්ගෙන් කිසිදු සහයක් නොමැති වීම හේතුවෙන් එම ඉනිම ජයග‍්‍රහණය සදහා ප‍්‍රමාණවත් නොවීය.එහිදී විශිෂ්ට පන්දුයැවීමක නිරත වු අෆ්රිඩී T-10 ලීග් තරගාවලියේ පළමු කඩුලු ත‍්‍රිත්වය ලබා ගනිමින් සිය පන්දුවාර දෙක තුළ ලකුණු 19ක් ලබා දෙමින් කඩුලු 03ක් බිද හෙලු අතර කඩුලු ත‍්‍රිත්වය ලෙස දැවී ගියේ රිලී රොසෙවි ,බ‍්‍රාවෝ සහ විරේන්ද‍්‍ර ශෙවාග්ය.මරාතා කන්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් පක්ටූන්ස් කණ්ඩායම නියමිත පන්දුවර 10 තුළදී කඩුලු 04ක් පමණක් දැවී ලකුණු 121ක් රැුස් කරගත්හ.එහිදී ප‍්‍රහාරාත්ම පිතිහරඹය නිරත වු ෆකර් සමාන් හා ලීම් ඩෝසන් තෙවැනි කඩුල්ල සදහා වේගවත් ලකුණු 80ක් එක් කළ අතර නොදැවුණු ඉනිමක් ක‍්‍රීඩ කළ ෆකර් සමාන් පන්දු 22කදී හයේ පහර 03ක් හා හතරේ පහර 03ක් සමගින් වේගවත් ලකුණු 45ක් රැුස් කළහ.ඩෝසන් අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යද්දී පන්දු 23කදී හයේ පහර 04ක් හා හතරේ පහර 03ක් සමගින් ලකුණු 44ක් රැුස් කරගෙන සිටියහ.පන්දු යැවීමේදී මාරාතා කන්ඩායම වෙනුවෙන් ඉමාඩ් වසිම් ලකුනු 20කට කඩුලු 02ක් දවා ගැනීමට සමත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *