ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් එක්දින තරගය සදහා නව සංචිතයක් ….

ඉන්දියාවේදි ලබන 17දා විශාකා පට්නම්හිදී ශ්‍රී ලංකා හා ඉන්දියාව අතර පැවැත්වෙන තෙවැනි එක්දින තරඟය පවත්වනු ලැබේ. ප්‍රථම තරඟය ජයග්‍රහණයෙන් පසුව ශ්‍රී ලංකාව ලද දෙවැනි තරඟයේ අමිහිරි පරාජය ශ්‍රී ලංකා පිලේ මානසික මට්ටමට තදින්ම බලපා ඇතිබව වාර්තාවේ.සංචාරක ශ‍්‍රී ලංකා කන්ඩායම හා ඉන්දියානු කන්ඩායම අතර මොහාලිහිදී පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 141ක ජයක් හිමිකරගැනීමට ඉන්දියානු කණ්ඩායම සමත්විය.ජයග‍්‍රහණය සදහා ලකුනු 393 ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ‍්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 50ක් තූල කඩුලු 08ක් දැවී ලබාගත හැකි වුයේ ලකුනු 251ක් පමනි.එක් අන්තයක කඩුලු බිද වැටෙද්දී සටන්කාමී ඉනිමක් දියත් කළ ඇන්ජලෝ මැතිව්ස් ශ‍්‍රී ලංකා කණ්ඩායමට ලැබීමට තිබු දරුණු පරාජයකින් බේරා ගැනීමට සමත් වු අතර ඉනිම නිමාවන විට සිය දෙවැනි එක්දින ශතකය රැස් කරමින් නොදැවී ලකුනු 111ක් ලබා සිටියේය.පන්දු 132කදී වාර්තා වු මැතිව්ස්ගේ ඉනිම හයේ පහර 03කින් හා හතරේ පහර 09කින් අලංකාර විය.ආරම්භක පිතිකරුවන්වූ උපුල් තරංග සහ ධනුෂ්ක ගුණතිලක හට සාර්ථක වීමට අවස්ථාවක් ලබානොදෙමින් ඔවුන්ව ක්‍රීඩාගාරය වෙත යැවීමට හර්දික් පාණ්ඩ්‍යා සහ ජස්ප්‍රීට් බුම්රා සමත්වූහ.දැවී යන විට තරංග ලකුනු 07ක් හා ධනුෂ්ට ගුණතිලක ලකුනු 16ක් ලබා සිටියේය.කඩුල්ල කෙළින් පතිතවූ පන්දුවට රිවර් ස්විප් පහරක් ගැසීමට ගිය ළහිරු තිරිමාන්න, වොෂින්ටන් සුන්දර්ගේ මංගල කඩුල්ල ලෙස ලකුණු 21 කට දැවී ගියේය.සිවුවැනි කඩුල්ල ලෙස ලකුණු 22 ක් රැස්කළ නිරෝෂන් දික්වැල්ල දැවීයන විටදි ලකුණු 115 කට කඩුලු 4 ක් ලෙස ශ්‍රී ලංකා ලකුණු පුවරුව දිස්විය. ඇන්ජලෝ මැතිව්ස් සමගින් එක්ව සිවුවැනි කඩුල්ල සදහා ලකුණු 53 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට දික්වැල්ල සමත්විය.අසේල කලකට පසු ජාත්‍යන්තර පිටියට පැමිණ ඉන්දියානු පන්දුයවන්නන්ට හමුවේ සාර්ථක ලෙස ලකුණු රැස් කරමින් සිටියදී චහාල්ගේ පන්දුවක් හමුවේ ස්ටම්ප් කිරීමකට හසුවෙමින් ලකුණු 34කට දැවී ගිය අතර හයවැනි කඩුල්ල ලෙස ලකුනු 5ක් රැස් ගෙන සිටි තිසර පෙරේරා චහාල්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක‍්‍රීඩක දෝනි අතට උඩපන්දුවක් ලබා දෙමින් දැවී ගියහ.අනතුරුව සචිත් පතිරණ ලකුනු 02කටත් අකිල ධනංජය ලකුනු 11ක් දවා ගැනීමට බුවනේෂ්වර් කුමාර් හා ජස්ප‍්‍රීත් බුම්රා සමත්විය.පන්දුවාර 50 නිමවන විට නොදැවී කඩුල්ලේ රැුදී සිටි සුරංග ලක්මාල් ලකුණු 11ක් ලබා සිටියේය.පන්දුයැවීමේදී ඉන්දියානු කණ්ඩායම වෙනුවෙන් යුෂ්වේන්ද‍්‍ර චහාල් කඩුුලු 03ක් ද ජස්ප‍්‍රීත් බුම්ාර කඩුුලු 02ක්ද දවා ගනිමිනන් දස්කම් දැක්වුහ.රෝහිත් ශර්මාගේ (නොදැවී 208) විශිෂ්ට පිතිහරඹය හමුවේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව ඕවර 50 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 392 ක් රැස්කිරීමට සමත්විය.

සිය තෙවැනි ද්විත්ව ශතකය වාර්තා කළ රෝහිත් ශර්මා ශ්‍රී ලංකාවට එරෙහිව රැස්කළ දෙවැනි ද්විත්ව ශතකය වන්නේය. පන්දු 115 දී ශතකය රැස්කළ රෝහිත් ශර්මාට ද්විත්ව ශතකය රැස්කිරීමට වැයවූයේ පන්දු 36 ක් පමණි.ඕවර 40 ක් අවසන්වනවිට කඩුල්ලක් දැවී ලකුණු 245 ක් රැස්කරගෙන සිටි ඉන්දිය පිතිකරුවෝ අවසන් ඕවර 10 තුළ කඩුලු 3 ක් අහිමිකර ගනිමින් ලකුණු 147 ක් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් උදුරා ගැනීමට සමත්වූහ.තරග 100 කදී ලකුණු 300 සීමාව පසුකළ පළමු කණ්ඩායම බවට පත්වීමට ඉන්දියාව සමත්වූ අතර තරග 96 කදී එම දස්කම කරමින් ඕස්ටේ්‍රලියාව දෙවැනි ස්ථානයේ පසුවන්නේය.මොහාලිහී චන්දිගාර්ඞ් ක්‍රීඩාංගණයේදී රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යවේ වාර්තාව අද බිඳවැටුණු අතර මීට පෙර ඉන්දියාව විසින් දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 351 ක් රැස්කර තිබුණි.ඉන්දියානු පිතිකරුවන් හමුවේ පහර පිට පහරකෑ නුවන් ප්‍රදීප් ඕවර 10 ක් තුළ ලකුණු 106 ක් ලබාදෙමින් පන්දු යවන්නකුට එරෙහිව රැස්කළ ඉහළම තෙවැනි ලකුණු සංඛ්‍යාවේ වාර්තාව සමකිරීමට සමත්විය. තෙවැනි ස්ථානයේ පසුවන ඉන්දියාවේ බුවනේශ්වර් කුමාර්ට එරෙහිව ලකුණු 106 ක් ලබාගෙන ඇති අතර මයික් ලෙවිස්ට එරෙහිව ලකුණු 113 ක් ලබාගෙන පන්දු යවන්නෙකුට එරෙහිව ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තාවන අතර වහබ් රියාස් ලකුණු 110 ක් ලබාදෙමින් එහි දෙවැනි ස්ථානයේ පසුවන්නේය.සචිත් පතිරණ ඕවර 8 ක් යවමින් එක් කඩුල්ලක් සමගින් ලකුණු 63 ක් ලබාදුන් අතර සුරංග ලක්මාල් ඕවර 8 කදී ලකුණු 71 ක් ලබාදුන්නද කඩුල්ලක් දවාගැනීමට අපොහොසත් විය. නායක තිසර පෙරේරා ඕවර 8 ක් යවමින් ලකුණු 80 ක් ලබාදුන් අතර කඩුලු 3 ක් දවාගැනීමට සමත්විය.දෙවැනි තරගයට ක්‍රීඩා කළ ශ්‍රීයාස් අයියර් සිය මංගල එක්දින අර්ධ ශතකය වාර්තා කිරීමට සමත්වූ අතර රෝහිත් ශර්මා සමගින් එක්ව දෙවැනි කඩුල්ල සදහා ලකුණු 213 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමටද සමත්විය. පනදු 70 කදී ලකුණු 88 ක් වාර්තාවූ ශ්‍රීයාස් අයියර්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 9 ක් ද ඇතුළත්විය.මුළු ලකුණු සංඛ්‍යාව 115 ක් වනවිට ඉන්දිය කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ශිකර් ධවාන් දවාගැනීමට සචිත් පතිරණ සමත්විය. ලකුණු ලබාගැනීමට සෙමින් ආරම්භ කළද පසුව ලකුණු ලබාගැනීමේ වේගය වැඩි කළ ධවාන් දැවීයන විට පන්දු 67 කදී හතරේ පහර 9 ක් සමගින් ලකුණු 68 ක් රැස්කිරීමට සමත්විය.කෙසේ වෙතත් තිරිමාන්නගේ දිගින් දිගටම අසාර්ථක වීම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරාජයන් සඳහා සෘජුව බලපෑ ඇති බව ක්‍රිකට් ප්‍රවීනයන් පවසයි. පළමු තරඟයේදී ලකුණු බිංදුවකට දැවී ගිය තිරිමාන්න දෙවන තරඟයේ ලකුණු 21ක් ලබා ගත්තේ පන්දු 35ක් වැයකරයි. ලෝකයේ ඕනෑම කණ්ඩායමක තුන්වන පිතිකරු ලෙස ක්‍රීඩා කරන්නේ කණ්ඩායමේ ප්‍රභලම ක්‍රීඩකකී. ශ්‍රී ලංකා කණ්ඩායමේ අරවින්දද සිල්වා, කුමාර සංගක්කාර වැනි ප්‍රවීන ක්‍රීඩකයන් එම ස්ථානයේ හොඳින් ක්‍රීඩා කර ඇත. මේ අනුව ඉදිරි තරඟය තිරිමාන්නට අහිමිවී යනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචිමාර්ග පවසයි. ඒ වෙනුවට කුසල් ජනිත් පෙරේරා කණ්ඩායමේ අවස්තාව හිමිකරගනු ඇති බව වාර්තාවේ.  Danushka Gunathilaka,Upul Tharanga,Kusal Janith Perera,Angelo Mathews , ,Niroshan Dickwella ,Asela Gunaratne,Thisara Pereram,Sachith Pathirana,Akila Dananjaya,Suranga Lakmal,Nuwan Pradeep

Leave a Reply

Your email address will not be published. Required fields are marked *