ඔස්ට්‍රේලියා සුපිරි ක්‍රීඩකයාට විදුලි වේගයෙන් පැමිණි මාරක බවුන්සර් පන්දුව නිසා වුන දේ – වීඩියෝ

ඊයේ පැවති බිග් බෑෂ් T 20 තරගාවලියේ මෙල්බර්න් ස්ටාර්ස් සහ බ්‍රිස්බේන් හීට්ස් අතර තරගයේදී මෙල්බර්න් ස්ටාර්ස් නායක ජෝන් හෙස්ටින්ග්ගේ හිසේ පන්දුවක් වැදීම හේතුවෙන් ඔහුගේ හිස් ආවරණය ගැලවී විසි වී ගියා. හෙස්ටින් පන්දුවට පහරදීමට පැමිණ ඔහුට මුහුණදීමට හැකි වුනේ පන්දු කීපයකට පමණයි.බෙන් කටින්ග් එවූ බවුන්සර් පන්දුවක් ඔහුගේ හිසේ වැදීමෙනුයි මෙලස හිස් ආවරණය ගැලවී විසි වී ගියේ.කෙසේ නමුත් ඉන් හෙස්ටින්ට කිසිදු අනතුරක් සිදු වුනේ නැහැ.

මාලිංග නැති එක හතුරු නැති එකට වඩා පාඩුයි ..තේරීම් කමිටුවට ටොක්කක් අනිමින් බංගලාදේශ කණ්ඩායමේ සහය පුහුණුකරුවා කියපු ආන්දෝනාත්මක කතාව…. පුහුණුකරු නැති වීමෙන් පසුව තම කණ්ඩායම වඩා උනන්දුවෙන් පුහුණුවීම් සිදු කරන බව තුන් කොන් තරඟාවලියේ සහ ශ්‍රී ලංකාව සමඟ තරඟාවලියේ පුහුණුකරුගේ වගකීම පැවරුණු හිටපු සහය පුහුණුකරු රිචඩ් හල්ශාල් පවසා ඇත.ඔහු හතුරුසිංහ යටතේ පන්දු රැකීමේ පුහුණුකරු සහ සහය පුහුණුකරු ලෙස 2014 සිට කටයුතු කර ඇත. “මම හිතන්නේ චන්දික මේ වෙලාවේ කණ්ඩායම එක්ක හිටිය කියල කණ්ඩායමට අමතර වාසියක් ඇතිවෙයි කියලා මම හිතන්නේ නෑ.ක්‍රීඩකයන් ඉතා හොඳ තැනක ඉන්නේ ඉතින් ඔවුන්ට පුළුවන් දැන් මේ ගමන තනියම යන්න.” චන්දිකගේ නැතිවීම සමඟ බංගලාදේශ ක්‍රීඩකයන් වඩා වගකීමෙන් කටයුතු කරන බවද චන්දිකගේ වගකීම පැවරුන හල්ශාල් පවසා ඇත. “බංගලාදේශ කණ්ඩායම ගොඩක් වාසනාවන්තයි මොකද එයාලට ඉන්නවා පළපුරුදු නායකත්වය දරපු ක්‍රීඩකයන් කීප දෙනෙක්ම,මහමදුල්ලා,ෂකීබ්,මුෂ්ෆිකර්,තමීම් වගේ ක්‍රීඩකයෝ ලොකු අත්දැකීම් තියන ක්‍රීඩකයෝ ඉතින් ඔවුන්ට පුළුවන් මේ වගේ අවස්ථාවල කණ්ඩායමත් අරගෙන ඉස්සරහට යන්න.මේ විදියේ අලුත් අවස්තාවක් වූදා වුන එක ඒ ක්‍රීඩකයන්ට තවත් පියවරක් ඉස්සරහට තියන්න පුළුවන් අවස්තාවක් ” පුහුණුකරුට කළහැකි සීමාවක් පවතින බවද ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ තරඟාවලිය අභියෝගයක් නොවන බවද මෙම සහය පුහුණුකරුවා පවසා ඇත. “අපි ක්‍රීඩා කරන්නේ චන්දිකත් එක්ක නෙවෙයිනේ,ශ්‍රී ලංකා ක්‍රීඩකයන් එක්ක සෙල්ලම් කරන නිසා අපිට කලින් මුණගැහුන ශ්‍රී ලංකා කණ්ඩායම තමයි හමු වෙන්නේ.ඒ නිසා ඒක ලොකු අභියෝගයක් වෙන එකක් නෑ.පුහුණු කරුගේ උපක්‍රම වලින් තරඟ දිනනවානම් අපි දකුණු අප්‍රිකාවේදී සාර්ථක වෙන්න ඕනනේ.එහෙම වුනේ නැනේ.උපක්‍රම වලට කරන්න පුළුවන් පොඩි දෙයයි,ක්‍රීඩකයෝ හොඳට ක්‍රීඩා කලොත් තරඟ දිනන්න පුළුවන්.” “අපිට ගොඩක් හොඳ ක්‍රීඩකයෝ ඉන්නවා.ඒත් අපි දකුණු අප්‍රිකාවේදී අසාර්ථක වුනා,එංගලන්තයේ චැම්පියන් කුසලානේ හොඳට කළා.නවසීලන්තයේදී තරඟ කීපයක් හොඳට කළා,ඉතින් ඔතනදි පුහුණුකරු ලොකු බලපෑමක් වුනා කියල අපිට හිතන්න බෑ” ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා තම කණ්ඩායම හොඳ තත්වයක සිටින බවද මේ පුහුණු කරුවා පවසා ඇත.”මම හිතන්නේ අපේ කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා හොඳ තැනක ඉන්නේ.ශ්‍රී ලංකාව ඉන්නේ ඉන්දියාව එක්ක පරාජය වෙලා ඒ මානසිකත්වය එක්ක.අපිට එහෙම ප්‍රශ්නයක් නෑ.” තම කණ්ඩායමට හතුරුසිංහ අහිමිවීමට වඩා ශ්‍රී ලංකා කණ්ඩායමට මාලිංග අහිමි වීම පාඩුවක් බවද හර්ශාල් අවසාන වශයෙන් පවසා ඇත. ‘සාපේක්ෂව බලද්දී බංගලාදේශ කණ්ඩායම ස්ථාවරයි.ප‍්‍රධාන පුහුණුකරුවා කණ්ඩායමෙන් ඉවත්වෙන එකට වඩා ප‍්‍රබල ක‍්‍රිඩකයෙන් ඉවත්වෙන එක ලොකු පාඩුවක්.පුහුණුකරුවා නැති වුනා අපේ ප‍්‍රබල ක‍්‍රීඩකයින් මෙන්ම තරුණ ක‍්‍රීඩකයින්ද කණ්ඩායම සමග ඉන්නවා..ඒත් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ලසිත් මාලිංග වගේ ප‍්‍රබල ක‍්‍රීඩකයින් සංචිතයට තෝරගෙන වත් නැහැ.ඒක නියා අපිට ඒ වගේ ප‍්‍රශ්න නැහැ.’

Leave a Reply

Your email address will not be published. Required fields are marked *