අයි පී එල් තරගාවලියට කෝටි ගණන්වලට රඳවාගත් සුපිරි ක්‍රීඩකයන්

ඊයේ (04) මෙම වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට අදාළව එක් එක් කණ්ඩායම් විසින් රඳවා ගනු ලබන ක්‍රීඩකයන් ප්‍රකාශයට පත් කළා. ඒ අනුව, වාර්තාගත වැඩිම මුදලකට එනම්, ඉන්දීය රුපියල් කෝටි 17 කට ඉන්දීය නායක විරාට් කෝලි රඳවා ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල තීරණය කර තිබෙනවා. මුම්බායි ඉන්දියන්ස් පිල වෙනුවෙන් අයි.පී.එල් පළමු තරඟ වාරයේ සිට රඳවා ගත් ශ්‍රී ලංකා පිලේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග මෙවර එලෙස රඳවා ගෙන නොමැති අතර ඔහු අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසියට කිරීමට නියමිතව ඇත. ඒ අනුව මෙවර මුම්බායි කණ්ඩායම රඳවාගෙන ඇත්තේ රෝහිත් ශර්මා ,හර්දික් පාන්ඩේ සහ ජශ්පිට් බුම්රා යන ක්‍රීඩකයන්ය. පසුගිය කාලයේ තරඟ තහනමෙන් පසුව නැවතත් අයි පී එල් තරඟාවලියට එකතු වන චෙන්නායි සුපර්කින්ස් කණ්ඩායම රඳවාගෙන තිබෙන්නේ MS දෝණි ,සුරේෂ් රයිනා සහ රවීන්ද්‍ර ජඩේජාය. රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විරාත් කෝලි ,AB ඩිවිලියස් සහ සෆ්රාස් ඛාන් රඳවාගෙන ඇති අතර මෙවර තරඟාවලියේ ඔවුන්ගේ පුහුණුකරු ලෙස රිකී පොන්ටින් එකතු වන බවද වාර්තා වේ. කල්කටා නයිට් රයිඩර් කණ්ඩායම සුනිල් නාරායන් සහ ඇන්ඩ්රි රසල් රඳවා ගැනීමට තීරණය කර ඇති අතර පසුගිය තරඟාවලි වල නායකයා ලෙස කටයුතු කල ගෞතම් ගාම්භීර්ද අමතක කර දමා තිබීම විශේෂත්වයකි. දිල්ලි ඩෙයාර්දිවල්ස් කණ්ඩායම ක්‍රිස් මොරිස් ,රිශාබ් පාන්ට් සහ සායර් අයර් වෙන්දේසියට නොයවා රඳවා ගැනීමට තීරණය කර ඇත. රාජස්ථාන රෝයල්ස් කණ්ඩායම ස්ටීවන් ස්මිත්ද,කිංග්ස් ඉල්වන් පන්ජාබ් කණ්ඩායම අර්ෂා පටෙල්ද රඳවාගෙන ඇති අතර සන්රයිසස් කණ්ඩායම ඩේවිඩ් වෝනර් සහ බුවනේශ්වර් කුමාර් රඳවාගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *