බංගලාදේශ තුන්කොන් තරගාවලියේ සංචිතය මෙන්න…

එළැඹෙන ජනවාරි මස 15 වැනිදා ශ‍්‍රී ලංකාව-බංගලාදේශ -සිම්බාබ්වේ කන්ඩායම් අතර ආරම්භ වීමට නියමිත තුන්කොන් තරගාවලියේ බංගලාදේශ සංචිතයට දකුණත් පිතිකරු අනමුල් හක් නම් කිරීමට නියමිත බව වාර්තා වෙයි.අවසන් වරට අනමුල් හක් බංගලාදේශ ජාතික කණ්ඩායම නියෝජනය කළේ 2015 වර්ෂයේ ලෝක කුසලාන තරගාවලියේදීයි.අනුමල් හක් මෙම වසරේ පළමු පෙළ තරගවලදී ලකුණු 1077ක් රැස් කිරීමට සමත් ව ඇති අතර ඩකා ඩිවිශන් කණ්ඩායමට එරෙහිව වාර්තා කළ ද්විත්ව ශතකය ඉන් සුවිශේෂි වෙයි.එහිදී පිතිකරණ සාමන්‍ය 63.35ක් ලෙස රදවා ගැනීමට අනමුල් හක් සමත් ව ඇති අතර පසුගියදා නිමාවුණු බී.පී.එල් තරගාවලියේ තරග 08කට සහභාගී වෙමින් ලකුණු 206ක් රැස් කරගැනීමට සමත්විය.මේ අතර දකුණු අප‍්‍රිකානු තරගාවලියේදී අසාර්ථක වු ලිතන් ඩයස් , සෞම්‍ය සකාර් හා වේගපන්දු යවන ක‍්‍රීඩක ටස්කින් අහමඩ් එම සංචිතයෙන් ඉවත් කර ඇති බවද වාර්තා වෙයි. අබාධයක් හේතුවෙන් දකුණු අප‍්‍රිකානු සංචාරය අහිමි වු වමත් වේග පන්දු යවන ක‍්‍රීඩක මුටාෆිසර් රෙහමාන් යළි කන්ඩායම සමග එක්වීමට නියමිතව ඇති අතර වමත් දග පන්දු යවන ක‍්‍රිඩකන නස්මුල් ඉස්ලාම් ප‍්‍රථම වරට ජාතික සංචිතයට නම් කර ඇත.කෙසේ වෙතත් බී.පී.එල් තරගාවලියේදී ඉහළ දස්කම් දැක්වූ මෙහොමඩ් මිතුන් මෙම අවසන් සංචිතයට නම් කර නොමැති වීම සුවිශේෂී වන අතර මිතුන් එම තරගාවලියේදී දෙවැනි වැඩිම ලකුණු ලාභියා වෙමින් ලකුණු 329ක් රැස් කරගැනීමට ද සමත් විය. නම් කළ හැකි බංගලාදේශ සංචිතය ////  Mashrafe Mortaza (capt), Mushfiqur Rahim, Tamim Iqbal, Imrul Kayes, Mahmudullah, Shakib Al Hasan, Sabbir Rahman, Anamul Haque, Nasir Hossain, Mustafizur Rahman, Mehidy Hasan Miraz, Rubel Hossain, Mohammad Saifuddin, Nazmul Islam.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *