විරාත් කෝලි පිටිය මැද අසරණ වෙයි – වීඩියෝ

දකුණු අප්‍රිකා ඉන්දියා පළමු ටෙස්ට් තරඟය (05) දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හිදී ආරම්භ වූ අතර පළමු දිනය නිමා වනවිට ඉන්දීය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දීය කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 28ක් ලබාගෙන සිටියා.ඒ, පළමු ඉනිම වෙනුවෙන් දකුණු අප්‍රිකාව සියල්ලන් දැවී රැස්කල ලකුණු 286ට පිළිතුරු වශයෙන්.ඉන්දීය කණ්ඩායම මේ වන විට තවත් කඩුලු 07ක් අතැතිව දකුණු අප්‍රිකානු පළමු ඉනිමට වඩා ලකුණු 258ක් පසු පසින් සිටිනවා. පළමු දිනට තරඟය නතර කරන විට චේතිශ්වර් පුජාරා සහ රෝහිත් ශර්මා නොදැවී කඩුල්ලේ රැඳී සිටියා. ඉන්දීය පළමු පිතිකරුවන් තිදෙනා ඉතා ඉක්මනින් නැවත ක්‍රීඩාගාරය වෙත හරවා යවන්නට දකුණු අප්‍රිකානු වේග පන්දු යවන්නන් සමත් වුණා. එහිදී ඉන්දීය ආරම්භක පිතිකරුවන් යුගලය වන මුරලි විජේ සහ ශිකර් ධවාන්ට රැස් කිරීමට හැකියාව ලැබුනේ පිළිවෙලින් ලකුණු එක්ක සහ 16ක් පමණයි. ඉන්දීය කණ්ඩායමේ නායක විරාත් කෝලි පන්දු 18කදී ලකුණු 05ක් ලබාගෙන සිටියදී දවාගන්නට මෝනි මෝකල් සමත් වුණා.ඉන්දීය මුල්පෙළ පිතිකරුවන් තිදෙනාම ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යාම ඉන්දීය මාධ්‍යවල දැඩි කතාබහට ලක්වූ කරුණක් බවට පත් වුණා.කෙසේ වෙතත් ටෙස්ට් තරඟාවලිය ආරම්භයට පෙර දකුණු අප්‍රිකා ආරාධිත කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතව තිබූ දෙදින පුහුණු තරඟය ක්‍රීඩා නොකිරීමට ඉන්දීය නායකයා තීරණය කළා. එහිදී ඉන්දීය නායක විරාත් කෝලි පැවසුවේ පුහුණු තරඟයකට ක්‍රීඩා කිරීමෙන් ඵලක් නොමැති බවයි. ඉන්දීය නායකයාගේ දැවී යාම පහතින්..

තුන්කොන් තරගාවලියට පුර්ව අනතුරු ඇගවීම් නිකුත් කරමින් තමීම්ගෙන් ශතකයක්…එළැඹෙන සිම්බාබ්වේ – ශ‍්‍රී ලංකා – බංගලාදේශ තුන්කොන් තරගාවලිය සදහා නම් කළ බංගලාදේශ කණ්ඩායමේ මුලික සංචිතයට ඇතුළත් ක‍්‍රීඩකයින් කණ්ඩායමේ දෙකකට වෙන්කර පැවැත්වූ පුහුණු තරගයෙන් ලකුණු 136ක ජය BCB රෙඩ් කණ්ඩායමට හිමිවිය.මිර්පුර්හි ඩකා ක‍්‍රීඩාංගනයේ පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් BCB රෙඩ් කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ ලකුණු 320ක් මුලු ලකුණු පුවරුවට එක්කිරීමට සමත් විය.එහිදී ආරම්භක පිතිකරු තමීම් ඉක්බාල් පන්දු 119කට මුහුණ දෙමින් හයේ පහර 02ක් හා හතරේ පහර 10ක් සමගින් ලකුණු 104ක් ලබා ගැනීමට සමත් විය..මැද පෙළ පිතිකරු මොහමදුල්ලා තම්ම්ට නොදැවෙනි විශිෂ්ට ඉනිමක් දියත් කිරමින් පන්දු 75කදී හයේ පහර 05ක් හා හතරේ පහර 03ක් සමගින් ලකුනු 87ක් රැස් කරගත් අතර තුන්ඉරියව් ක‍්‍රීඩක අබු හසන් වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 19කදී ලකුණු 35ක් රැස් කළේය.පන්දු යැවීමේදී BCB ග‍්‍රීන් කන්ඩායම වෙනුවෙන් මුටාෆිසර් රෙහමාන්,ටස්කීන් අහමඩ් හා සයිෆුඩීන් කඩුලු 02 බැගින් දවාගත්හ.පිළිතුරු ඉනිම ඇරඹු ග‍්‍රින් කණ්ඩායට පන්දුවාර 43යි පන්දු 02කදී සියල්ල දැවී ලබාගත හැකි වුයේ ලකුණු 183ක් පමනි.පළමු කඩුල්ල ලෙස මුලු ලකුණු සංඛ්‍යාවට ලකුණු 47ක් එක්වෙද්දී පන්දු 27කදී ලකුණු 18ක් ලබා සිටි සෞම්‍ය සකාර් දැවී ගිය අතර කඩුලු රකින ක‍්‍රීඩක මුෂ්ෆිකර් රහීම් නොදැවී ලකූණු 44ක් රැුස් කළේය.පන්දු යැවීමේදී රෙඩ් කණ්ඩායම වෙනුවෙන් අබු හේදර් රොනී සහ රූබල් හුසේන් කඩුලු 03 බැගින් බිද හෙළිම සමත් විය.මෙම තරගය පිලිබදව අදහස් දැක්වු කාලීඩ් මෙහෙමුඩ් කිය සිටියේ ක‍්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යාතවය ගැන තමන් සතුටු වන බවත් එළැඹෙන තුන්කොන් තරගාවලිය සදහා තම කණ්ඩජායම සූදානම් වන බවත්ය.පන්දුවාර 50 තරග අපිට ගොඩක් වැදගත්.අපි තව පුහුණු තරගයක් පවත්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.තමීම්ගේ පිිතිහරඹය විශිෂ්ටයි.අනෙක් පිතිකරුවනුත් යම් ලකුණු ප‍්‍රමාණයක් රැුස් කළා.බී.පී.එල් තරගාවලියේදී පන්දු යවන්නන් පන්දුවාර 04ක් විතරයි යැව්වේ.ඒක නිසා අපිට පන්දුවාර 50 තරගවල රිද්මයට පැමිණීමට මේ තරගය හුගක් වැදගත් වුනා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *