මුලික සංචිතයේ නොසිටි වනිදු සංචිතයට ආව හැටිත් ෂෙහාන් උඩින් පාත් වුන විදියත් මෙන්න..

තුන්කොන් ක්‍රිකට් තරඟාවලිය බංගලාදේශයේ පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ක්‍රීඩා කරන සංචිතය නම් කිරීමට සහ නව නායකයන් ප්‍රකාශයට පත් කිරීම පිළිබඳව මාද්‍ය දැනුවත් කිරීමට ඊයේ පැවති මාද්‍ය හමුව අතරතුර කණ්ඩායමේ තේරීම පිළිබඳව තේරීම් කමිටුවෙන් ප්‍රශ්න කිරීමට අවස්තාව ලැබුන අවස්ථාවේ මාද්‍ය වේදීන් විමසා සිටියේ පසුගිය තේරීම් කමිටුව සිදුකල අකාරයෙන් ක්‍රීඩකයන් සංචිතයට උඩින් පාත් කිරීමේ ක්‍රමය වර්තමාන තේරීම් කමිටුවේද ක්‍රමය වී ඇත්ද යන බවය.ඒ අවස්ථාවේ ප්‍රශ්නය නැගු මාද්‍යවේදියා එලෙස කිව්වේ ෂෙහාන් මධුශංක පිළිබඳව බවට සැකහැර තහවුරු කරගත් ශ්‍රී ලංකා පුහුණුකරු මෙන්ම තේරීම් කමිටුවද නියෝජනය කරන චන්දික හතුරුසිංග පැවසුවේ ෂෙහාන් කණ්ඩායමට ගෙන ඒම ශ්‍රී ලංකා කණ්ඩායමේ දිගුකාලීන සැලසුමේ එක තීරණයක් බවය.එහිදී වැඩි දුරටත් පැහැදිලි කරමින් චන්දික ප්‍රකාශ කලේ ෂෙහාන්ට තිබෙන වේගය පුහුණුකරුවන්ට පුහුණුකළ හැකි දෙයක් නොවන බවත් වර්තමාන සංචිතයේ සිටින ලක්මාල්,ප්‍රදීප්,චමීර සමඟ ලෝක කුසලානයට යනවිට වේගපන්දු යවන ක්‍රීඩකයන් හතක් සුදානම් කර තැබිය යුතු බවය. ලෝක කුසලානය එංගලන්තයේ පැවැත්වුනත් ICC ය තණතිලි සකස් කරන නිසා සියලු තත්වයන්ට සුදානම් වී තරඟාවලියට ඉදිරිපත්වීම වැදගත් බවද මෙහිදී චන්දික වැඩි දුරටත් ප්‍රකාශ කර සිටි අතර ෂෙහාන් සංචිතයට නම් කල පමණින් ඔහු ක්‍රීඩා කරන බවට හෝ ක්‍රීඩා නොකරන බවට තීරණය නොකරන ලෙසත් ලෝක කුසලානයට යනවිට තරඟ ක්‍රීඩා කර අත්දැකීම් සහිතව ඉදිරිපත්වීම වැදගත් බවත් ඔහු මෙම හමුවෙදී ප්‍රකාශ කලහ. මෙම තුන් කොන් තරඟාවලිය වෙනුවෙන් නම් කල 23 දෙනෙකුගෙන් යුතු මුලික පුහුණු සංචිතයේ නොසිටි වනිඳු හසරංග කණ්ඩායමට පැමිණියේ කෙලෙසද යන්න මාද්‍ය වේදීන් ප්‍රශ්න කල අතර එයට පිළිතුරු දෙමින් තේරීම් කමිටු සභාපති වරයා පැවසුවේ මෙම තරඟාවලියට ජෙෆ්රි වැන්ඩසේ ක්‍රීඩා කරවීමට තේරීම් කමිටුව උනන්දුවෙන් සිටි බවත් ඔහුගේ අබාද තත්වය සමඟ පා දඟ පන්දු යවන්නෙකු වන වනිදු වෙත අවධානය යොමු කල බවත්ය. වනිඳු කණ්ඩායමට තෝරා ගැනීමේදී නායකයා සහ පුහුණුකරු ඔහුගේ හැකියාවන් පිළිබඳව ඉහල විශ්වාසයකින් සිටීම නිසා සංචිතය සමඟ ඔහු එකතු කරගෙන පුහුණුවීම් සිදුකල බවද සභාපති වරයා වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසීය. මුලික සංචිතය නම් කිරීමේදී වනිදුගේ සොහොයුරු චතුරංග ද සිල්වා සංචිතයට ඇතුලත් වුවද වනිඳු සංචිතයට ඇතුලත් නොවුන අතර මේ දිනවල පැවැත්වෙන පළමුපෙළ තරඟාවලිය තුල තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස සහ තමාගේ පළමු ජාත්‍යන්තර තරඟාවලියේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව කඩුලු ත්‍රිත්වයක් ලබා ගනිමින් තරඟාවලිය තුල වනිඳු පෙන්වූ දක්ෂතාත් නැවත ශ්‍රී ලංකා කණ්ඩායමට තේරීමට ඔහුට රුකුලක් වන්නන්ට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *