අවසන් මහා තරගයේදී තිසර තබන්නට සැරසෙන වාර්තාව මෙන්න..

තිසර පෙරේරා පසුගියදා නිමාවුණු ඉන්දියානු සංචාරයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වශයෙන් කටයුතු කල අතර එම තරගාවලියේදී අසාර්ථක ක‍්‍රීඩා විලාශයක් පෙන්නුම් කරුනු ලැබුවත් මේ දිනවල පැවැත්වෙන තුන්කොන් තරගාවලියේ සිටින විශිෂ්ටතම ක‍්‍රීඩකයා බවට පත්වී ඇත. නිමාවුණ ඉන්දියානු සංචාරයේදී අසාර්ථක වු තිසර පෙරේරා මෙම තරගාවලිය පිවිසෙන්නේ නව පුහුණුකරු චන්දිකගේ ගුරුහරුකම් ඇතිවයි. ඒ අනුව මේ වන විට තුන්කොන් තරගාවලියේ කඩුලු 11ක් දවාගෙන වැඩිම කඩුලු ලාභියා ලෙස තිසර පෙරේරා ඉදිරියෙන් සිටින අතර පිත්තෙන් සිය කණ්ඩායම වෙනුවෙන් ලකුණු 132ක් රැස්කරගෙන තුන්ඉරියව්වෙන්ම දස්කම් දක්වා ඇත. මෙම තරගාවලියේ ප‍්‍රහාරාත්මක වේගය 170වඩා ඉහළ අගයක් පවත්වාගෙන යන තිසර පෙරේරා තවත් සුවිශේෂි වාර්තාවක් අභියස සිටියි. ඒ ශ‍්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ලකුණු 1500ක් හා කඩුලු 150ක් ලබාගත් සිව්වැනි ක‍්‍රීඩකයා බවට පත්වීමටයි. තරග 132කට ක‍්‍රීඩා කර ඇති තිසර පෙරේරා මේ වන විට ලකුණු 1584ක් ලබාගෙන සිටින අතර කඩුලු 149ක් දවාගෙන ඇත.ඒ අනුව තිසර පෙරේරාට එම සුවිශේෂී කඩඉම පසුකිරීම සදහා තවත් එක් කඩුල්ලක් අවශ්‍ය ඇත. ලංකාවෙන් බිහිවූ අග්‍රගණ්‍ය තුන් ඉරියව් ක්‍රීඩකයන් වන සනත් ජයසූරිය,චමින්ද වාස්,උපුල් චන්දන මීට පෙර එම කඩඉම පසුකළ ක‍්‍රීඩකයින් වෙයි.

ප‍්‍රහාරාත්මක ආරම්භක පිතිකරුවකු කණ්ඩායමට කැදවමින් අවසන් තරගය සදහා නම් කළ බංගලාදේශ සංචිතය මෙන්න  .. තුන්කොන් තරගාවලියේ ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග හෙට පැවැත්වීමට නියමිත අවසන් තරගය සදහ බංගලාදේශ කණ්ඩායම 16දෙනෙකුගෙන් යුත් සංචිතයක් නමි කර ඇත. මුලික වටයේ පැවැති අවසන් තරගය කඩුලු ඊයේ ශ්‍රේ බංගලා ක‍්‍රීඩංගණයේදී පැවැති අතර එම තරගයෙන් දරුණු පරාජයකට හිමිකම් කීමට බංගලාදේශක කණ්ඩායම සිදුවිය .තුන්කොන් තරගාවලියේ ඊයේ පැවැති මූලික වටයේ අවසන් තරගයෙන් අනතුරුව බංගලාදේශ ක‍්‍රිකට් ආයතනය මෙම සංචිතය නම් කර ඇති අතර අබාධයක් හේතුවෙන් පළමු තරග දෙක සදහා ක‍්‍රීඩා නොකළ ආරම්භක පිතිකරු ඉම්රුල් කයිස් එම සංචිතයට ඇතුළත් කර ඇත. ඉම්රුල් ගිය වසරේ එක්දින තරග 05කට ක‍්‍රීඩා කර ඇති අතර එහිදී එක් අර්ධ ශතකයක් සමගින් ලකුණු 125ක් රැස්කරගෙන ඇත. තුන්කොන් තරගාවලියේ බංගලාදේශ කණ්ඩායමේ ආරම්භක පිතිකරු වශයෙන් කටයුතු කළ අනමුල් හක් දිගින් දිගටම අසාර්ථක වීම හේතුවෙන් අවසන් තරගය සදහා ආරම්භක පිතිකරු ලෙස ඉම්රුල් කණ්ඩායම කැදවීමට වැඩි ඉඩකඩක් පවතින බවද වැඩිදුරටත් වාර්තා වෙයි .අවසන් තරගය සදහා නම් කළ බංගලාදේශ සංචිතය..  Mashrafe bin Mortaza (C), Shakib al Hasan (VC), Tamim Iqbal, Anamul Haque, Mushfiqur Rahim (WK), Mahmudullah, Nasir Hossain, Sabbir Rahman, Mohammad Mithun, Mustafizur Rahman, Rubel Hossain, Abul Hasan, Mehedi Hasan Miraz, Saifuddin, Sanjamul Islam and Imrul Kayes

Leave a Reply

Your email address will not be published. Required fields are marked *