තිලාන්ගෙන් බංගලාදේශයට හිසරදයක් වූ කුසල් ගැන අනාවැකියක්..

කුසල් මෙන්ඩිස්ට ටෙස්ට් තරග වල ආරම්භක පිතිකරු ලෙස කටයුතු කිරීම වඩා ප‍්‍රයෝජනවත් වනු ඇති බවට තමා විශ්වාස කරන බව ශ‍්‍රී ලංකා පිතිකරුණ පුහුණුකරු තිලාන් සමරවීර පවසනවා.ඔහු වැඩිදුරටත් පවසන්නේ පිතිකරණ ස්ථානයේ වෙනස්වීමට ඔහුට දිගුකාලීන ප‍්‍රයෝජනවත් වනු ඇති බවයි.ඉන්දියානු සංචාරයෙන් ඉවත් කිරීමෙන් පසු සහභාගී වු පළමු තරගයෙන්ම විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් ලකුණු 196ක් ලබා ගැනීමට කුසල් සමත් වූ අතර සිය පළමු ද්විත්ව ශතකයට ලකුණු 04ක් මෑතින් සිටියදී අවාසනාවන්ත ලෙස දැවි ගියේය.කෙසේ වෙතත් තිලාන් පවසා සිටියේ පවසා තිබුනේ තවමත් 23 වන වියේ සිටින මෙම ක්‍රීඩකයා අනාගතයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් විශාල සේවයක් කරනු ඇති බවය. “තරඟයේ එක කඩුල්ලක් බිඳ වැටුන වෙලාවේ,ධනංජය ,කුසල් දෙන්න ලකුණු තුන්සීයකට වඩා ලබාගෙන අපි හොඳ තැනකට ගෙනාව,මේ තරඟයේ අපේ පැත්තට ගන්න ලොකුම දායකත්වය දුන්නේ මේ පිතිකරුවෝ දෙන්න.” “හරිම අවාසනාවන්තයි ඔහුට ගන්න තිබුන ද්විත්ව ශතක දෙකක්ම කුසලට අහිමි වුනා,ඒ ද්විත්ව ශතක දෙක තිබුනානම් තාමත් අවරුදු 23 ක ඉන්න මේ ක්‍රීඩකයට ලොකු ආබරණයක් වෙන්න තිබුන.අපි කුසල් ගැන ලොකු විශ්වාසයකින් ඉන්නේ.ඔහු ආරම්භක පිතිකරුවෙක් විදියට සාර්ථකයි කියල නැවතත් ඔහු පෙන්නලා තියනවා.මම හිතන්නේ කුසල්ට අපි දෙන්න පුළුවන් හැම අවස්තාවම දෙන්න ඕන.මොකද කුසල් කියන්නේ විශේෂ හැකියාවක් තියන පිතිකරුවෙක්.” ශ්‍රී ලංකා කණ්ඩායම හෙට දිනයේ කුමක් කල යුතුද යන්නද පිතිකරණ පුහුණු කරුවා අදහස් දක්වා ඇත. ”තරඟයේ තව පන්දුවාර 180 ක් තියනවා,ඒ කියන්නේ අපි ලොකු ලකුණු ප්‍රමාණයක් ලබාගන්නවා කියන්නේ අපිට තරඟය දිනන්න අවසතාව තියනවා,හෙට මුල් පැය දෙකේ සාමාන්‍ය විදියට පන්දුවට පහර දීල තණතිල්ල හැසිරෙන විදියත් බලල තමයි අපි තීරණය ගන්න ඕන.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *