බංගලාදේශයේ පැවති තුන්කොන් තරඟාවලියේ ජයග්රහණය ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම ලබාගනු ඇති බවට ශ්රී ලංකා ක්රීඩා ලෝලීන් මෙන්ම බංගලාදේශ ක්රීඩා ලෝලීනද පළමු තරඟ දෙක නැරඹීමෙන් අනතුරුව නොසිතන්නට ඇත.එමෙන්ම බංගලාදේශය සමඟ ටෙස්ට් තරඟයේ පළමු දිනය සහ දෙවන දිනයේ අවසන් භාගය දක්වා ශ්රී ලංකාව තරඟය ජයගනු ඇති බවට ශ්රී ලංකා ක්රීඩා ලෝලීන් මෙන්ම බංගලාදේශ ක්රීඩා ලෝලීනද නොසිතන්නට ඇත. නමුත් සිව් වනදිනය අවසාන වන විට ශ්රී ලංකාව සිටින්නේ බංගලාදේශය පරාජය කිරීමේ අභියසය.ක්රිකට් ක්රීඩාව අවිනිශ්චිත වුවද පස් වන දිනයේ තණතිල්ලක්තුල එකිනෙකාට වෙනස් හැකියාවන් ඇති දඟ පන්දු යවන්නන් තිදෙනෙකු සමඟ බංගලාදේශයට කොතරම් දුරට සටන් කල හැකිද යන්න මත තරඟයේ තීරණය විසඳෙනු ඇත. බංගලාදේශය දෙවන ඉනිමට පිවිසුනේ පරාජය සිතේ තබාගෙන බව ශ්රී ලංකා කඩුලු රකින ක්රීඩක දික්වැල්ල පවසා ඇති අතර ඔහු පවසා ඇත්තේ මෙවනි තණතිල්ලකතරඟයක් බේරා ගැනීමට නම් පහර දීම කල යුතුව තිබුනද ඔවුන් ආරක්ෂා වීමට ගොස් වැඩේ වරද්දා ගත් බවය. “අපිට හොඳ අවස්තාවක් තියනවා තරඟය දිනන්න,තණතිල්ල ත් අපිට ගොඩක් උදව් වෙයි කියල හිතෙනවා.තණතිල්ලේ පලුදු හැදිලා නිසා පිතිකරුවන්ට ලේසි වෙන්නේ නෑ.අපි හොඳ තැනකට පන්දු යවන එක හෙට දවසෙත් කලොත් අපිට තරඟය දිනන්න පුළුවන්.” “තරඟය බේර ගන්න කියල ආරක්ෂා වෙන්න ගියොත් නම් බංගලාදේශයට ලේසි වෙන්නේ නෑ.මොකද කඩතොලු වල වැදිලා පන්දුව හිතන්න බැරි විදියට හැසිරෙන්න පුළුවන්.හොඳම දේ තමයි එයාල පහර දීල පුළුවන් තරම් ලකුණු ගන්න එක.ඒ විදිය කලොත් බංගලාදේශයට බේරෙන විදිය ගැන හිතන්න හරි පුළුවන් වෙයි.”