තිසර තරගයට පෙර අනාවැකි කියයි… විස්සයි විස්ස තරගාවලිය අභියෝගයක් වේවි..

ටෙස්ට් තරගාවලිය හා තුන්කොන් තරගාවලිය ජයගෙන තිබුණත් 15 වැනිදා ආරම්භ වන විස්සයි විස්ස තරගාවලිය අභියෝගයක් වනු ඇති බවට ශ‍්‍රී ලංකා කණ්ඩායමේ තුන්ඉරියව් ක‍්‍රිඩක තිසර පෙරේරා පවසනවා. ඔහු විශ්වාස කරනුයේ ශ‍්‍රී ලංකා කණ්ඩායමට තරගාවලිය සාර්ථකව ආරම්භ කිරීමට හැකි බවයි .‘ක‍්‍රිකට් තරගයක කවුරු දිනයිද කවුරු පරදියිද කියලා කියන්න බෑ..ඒත් වැරදි අඩුවෙන්ම කරන කණ්ඩායම ජයග‍්‍රහණයක කරයි.බංගාදේශය තරගාවලි දෙකක් පරාජයට පත්වෙලා ඉන්න නිසා ඒ අය උත්සාහ කරයි විස්සයි විස්ස තරගාවලිය දිනන්න.ඒත් මම විශ්වාස කරනවා ශ‍්‍රී ලංකා කණ්ඩායමට තරගාවලිය සාර්ථකව ආරම්භ කරන්න පුලුවන් වෙයි කියලා’..යැයි තිසර මීර්පූර්හි පැවැති මාධ්‍ය හමුවේදී පවසා සිටියේය. තිසර පෙරේරා 2017 වර්ෂයේ නොවැම්බර් මාසයේ පැවැති බංගලාදේශ ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ රාන්පූර් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් දස්කම් දැක්වීමට සමත් වූ අතර තරග කිහිපයකදි අවසන් පන්දුවාරයේදි කණ්ඩායම ජයග‍්‍රහණය කරවීමට ද සමත් විය. ‘මම බංගලාදේශයේ ගොඩක් තරග ක‍්‍රිඩා කරල තියනවා..ඒක ගොඩක් වටිනවා..බංගාදේශ ප‍්‍රිමියර් ලීග් තරගාවලියෙත් දස්කම් දක්වන්න පුලුවන් උනා.මම මගේ දුර්වල පැත්ත ගැන හිතුවේ නැ..ඒකයි මට සාර්ථක වෙන්න පුලුවන් උනේ..’ අබාධයට ලක්වු බංගලාදේශ ටෙස්ට් නායක සකීබ් පිළිබදවද තිසර මාධ්‍ය හමුවේදී අදහස් දක්වා සිටියේය. ‘හැමෝම දන්නවා..සකීබ් කියන්නේ දක්ෂ ක‍්‍රීඩකයෙක්..ඔහුට තරගයක් වෙනස් කරන්න පුලුවන්..ඉතින් මම හිතනවා බංගලදේශ කණ්ඩායම සකීබ් අහිමි වීම ලොකු පාඩුවක් කියලා’

විස්සයි විස්ස තරගාවලියෙන් කුසල් ජනිත් ඉවතට..ඒ වෙනුවට කණ්ඩායමට ඇතුළත් කළ ක‍්‍රිඩකයා මෙන්න…බංගලාදේශ කණ්ඩායම එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ ශ‍්‍රී ලංකා සංචිතයට නම් කළ 15දෙනෙකුගෙන් යුත් සංචිතයෙන් ආරම්භක ප්‍රහාරක පිතිකරු කුසල් පෙරේරා වෛද්‍ය උපදෙස් හේතුවෙන් ඉවත් කර තිබෙනවා.ඊට හේතුව ලෙස වාර්තා වන්නේ කුසල් පෙරේරාගේ අබාධ තත්වය පූර්ණවශයෙන් සුව නොවීමයි.බංග්ලාදේශයේ පැවති එක්දින තුන්කොන් තරගාවලිය අතරතුර ආබාධයකට ලක්වූ ජනිත් හට නැවතත් යථා තත්ත්වයට පැමිණීමට වෛද්‍ය උපදෙස් අනුව තවත් යම් කාලයක් විවේක ගැනීමට සිදු වනු ඇත.තුන්කොන් තරගාවලියේ දී සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති තරගයේදී කුසල් ජනිත් අබාධයට ලක්වූ අතර ඒ හේතුවෙන් ඔහුට තුන්කොන් තරගාවලියේ ඉතිරි තරග සියල්ල අහිමිවිය.ඒ හේතුවෙන් කුසල් පෙරේරා ඊයේ බංගලාදේශට බලා පිටත් නොවුණු අතර කුසල් ජනිත් වෙනුවට කුසල් මෙන්ඩිස් කණ්ඩායම ඇතුළත් කරන බවට වැඩිදුරටත් වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *